ප්‍රේම කරන්නත් දැන් අවසර ගන්න පොලිසියෙන් ඉල්ලුම් පත්‍රයක්?. සමාජ මාධ්‍ය කළඹපු කතාවේ ඇත්තම තත්ත්වය මෙන්න.
මේ වන විට පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පුවතක් සංසරණය වේ.
ඒ එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද සමගින් ය.
එහි දැක්වෙන්නේ පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු යන්නයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
එනම් එලෙසින් අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් වාර්තා වන්නේ අදාළ සටහන 2017 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් බවයි.
එය නැවතත් මේ දිනවල නැවත හුවමාරු වෙමින් පවතියි.
මේ සම්බන්ධයෙන් ව්‍යාජ කතා බහක් නිර්මාණය වූයේ ඊයේ (24) හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක, ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කුටි තුළ කාලය ගතකළ පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දරුවන් සොයා සිදු කළ වැටලීමත් සමගයි.
හෝමාගම පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ ප්‍රදේශවාසින් පොලිසියට පැමිණිලි කිරිම හේතුවෙන් ය.
ඒ තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේ දී පාසල් වයසේ දරුවන් ආවරණය කළ කුඩා කාමර තුළ අසභ්‍ය අයුරින් හැසිරෙන බවටත් ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසටත් බව වාර්තා වන්නේ.
