ව්‍යාජ නමකින් පෙනීසිටි, අල්ලාගත් සැකකරුවෙකු පලා ගිහින්.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 26, 2023 01:39 AM GMT
krishani

krishani

Report

කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළාගොස් ඇති බව වාර්තා වේ.

එම අදාළ සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු එහි දී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති අතර මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join