හොඳ වැඩේ.! - පොලිස් නෝනලාට ලිංගික හිංසන කළ පොලිස් මහත්තුරු අත්අඩංගුවට. - දිවයින පුරා සිදු කරන දේ මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Feb 09, 2025 07:58 AM GMT
Wayomi

Wayomi

Report

රාජකාරි අවස්ථාවලදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලිංගික ඇතුළු විවිධ හිංසන පමුණුවන පොලිස් නිලධාරීන් පිළිබඳව පොලිස්පති නියෝග මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස තමන් රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී විවිධ තනතුරු දරන පොලිස් නිලධාරීන් ලිංගික හිංසන ඇතුළු විවිධාකාරයේ හිංසනවලට ලක් කරන බව සඳහන් කරමින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරිනියන් කරන ලද පැමිණිලි මත පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ගෑස් මිල සංශෝධනයක්? - මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

ගෑස් මිල සංශෝධනයක්? - මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

ඒ,අනුව මෙලෙස කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත්, ඊට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාන්තා පොලිස් නිලධාරිනියන්ට හිංසන කරන ලද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා බවත් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියා.

‘‘පොලිස් ස්ථානවල රාජකාරි කරන අවස්ථාවන්හිදී සහ විමර්ශන කටයුතුවලට පොලිස් ස්ථානවලින් පිටතට යන අවස්ථාවන්හිදී ඇතැම් පොලිස් නිලධාරිනියන්ට, පොලිස් නිලධාරින් ලිංගික හිංසනයන් කළ අවස්ථා වාර්තා වී තිබෙනවා. සමහර නිලධාරිනියන්ගේ අත ඇල්ලුවා, ශරීරය ස්පර්ශ කළා කියලා ඇතැම් පොලිස් නිලධාරින්ට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා. ඇතැම් උසස් පොලිස් නිලධාරින්ටත් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා’’ යැයි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා සඳහන් කළේය.

‘‘මේ වනවිට එවැනි හිංසන සිද්ධීන්වලට අදාළ පැමිණිලි 10ක විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉකුත් සතියේදී අත්අඩංගුවට ගත්තා. අනෙකුත් සිද්ධීන්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා’’

අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල අඩු වුණේ මෙහෙමයි. - නව මිල ගණන් මෙන්න.

අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල අඩු වුණේ මෙහෙමයි. - නව මිල ගණන් මෙන්න.


You may like this video

 

ReeCha