තරුණියකගෙන් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්.
Sri Lanka Police
By krishani
ජාඇල ප්‍රදේශයේ හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් ඇය නවත්වා පරීක්ෂා කළ පොලිස් නිලධාරියෙකුට පහර දී යතුරුපැදිය ද එම ස්ථානයේ දමා පළා ගිය පුවතක් වාර්තා වේ.
ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ දී මෙය සිදුව ඇති අතර යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේ දී ඇයගේ පදිංචිය හඳුනාගෙන ඇත.
කඳාන ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේ නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ ඇය යම් මානසික ගැටලුවක් නිසා ඇය මෙලෙස කටයුතු කර ඇති බව ය.
කෙසේවෙතත් තරුණිය පොලිසියට කැඳවා ඇති අතර කරුණු විමසීමෙන් පසු ඉදිරි පරීක්ෂණ සිදු කරන බව ජාඇල පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |