ලක්ෂ ගණනක මුදල් සමඟ මහමඟ වැටී තිබූ පසුම්බිය..
By krishani
ලක්ෂ ගණනක මුදල් ද සමඟ මහමග වැටී තිබී හමුවූ මදල් පසුම්බියක් නැවත අයිතිකරු සොයා භාරදුන් පුවතක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ රාජකාරි කරනු ලබන ඉෂාර මදුසංක නැමැති නිලධාරියාට එම මුදල් පසුම්බිය වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්‍රදේශයේ මාර්ගයේ වැටී තිබී හමුව ඇති අතර එම පසුම්බිය පරික්ෂා කිරීමේදී එහි රුපියල් 111,960 ක මුදලක් හා රුපියල් ලක්ෂ 3ක චෙක් පතක් තිබී ඇත.
පසුව මේ සම්බන්ධයෙන් ඔහු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත්කර ඇති අතර ඒ අනුව මුදල් පසුම්බියේ හිමිකරු පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමෙන් පසු ඔහුව පොලිස් ස්ථානය වෙත කැඳවා මුදල් පසුම්බිය භාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |