අගෝස්තු 9ට පොහොට්ටුවේ පෙර සූදානම.
Basil Rajapaksa
Mahinda Rajapaksa
Ranil Wickremesinghe
Sri Lankan protests
Sri Lanka Podujana Peramuna
By Wayomi
අගෝස්තු 9 වන දා යළි රටේ කලහකාරී වාතාවරණයක් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඒ සඳහා එළඹෙන සතියේදී දිනයක් හා වේලාවක් වෙන්කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.
මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහභාගි වීමට නියමිත බවයි එම ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවැනි අරගලයක් ඇති වුවහොත් කිසිවෙකුට හානියක් නොවන ආකාරයෙන් එය මැඩපැවැත්වීමටත් ඒ සඳහා ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ඇතුළු උපායමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |