සුපිරි වැඩක් - අමෙරිකාවෙන් බෝයිං යානා 6ක් ගන්න ලංකාවේ කෝටිපතියා මෙන්න
ලංකාවට 30%ක ලෙස පවතින ඇමරිකානු තීරුබද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා රජය එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රාජ්‍ය රහස් තීරය මඟින් පසුගිය සතියේ වාර්තා කරන ලදි.
මෙම සාකච්ඡා මුහුණු මුවින් නොව, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ පැවැත්වුණු බවද එම වාර්තාව අනාවරණ කළේය. එහෙත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇතැම් මාධ්‍ය වාර්තා කළේ, මෙම සාකච්ඡා සඳහා විශේෂ නිළ කණ්ඩායමක් ඇමරිකාව බලා පිටත්ව යන බවයි.
නමුත්, පසුව එම ප්‍රචාරය වැරදි බවටත්, සාකච්ඡා ඇත්තෙන්ම පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බවත් තහවුරු විය.
සාකච්ඡා ආරම්භයේදී වට දෙකකින් අවසන් කිරීමට සැලසුම් කර තිබුණද, එය වට තුනක් දක්වා දිගැස්සුණු බවද වාර්තා වේ.
සාකච්ඡා පුරාම ඇමරිකාව පෙන්වාදුන් විශේෂ උනන්දුවක් වුණේ ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමට නියමිත භාණ්ඩ හා සේවා පිළිබඳව සහ ඒවායේ වෙළෙඳ වටිනාකම් පිළිබඳවයි. එනම්, වෙළෙඳ ශේෂය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආදාන වැඩි කිරීමට ඇමරිකාව කැමැත්ත දැක්වූ බවයි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය රහස් මගින් කලින් අනාවරණයකට අනුව, ලංකාව බෝයිං යානා 3ක් ඇමරිකාවෙන් මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා. නමුත් නවතම තොරතුරු අනුව, එය යානා 3ක් නොව යානා 6ක් බවට පත්ව තිබේ.
මෙම ගනුදෙනුව සිදු කරනු ලබන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මඟින් නොව, එක්ස්පෝ ලංකා ආයතනය මඟින් බවද වාර්තා වේ. එක්ස්පෝ ලංකා ආයතනය හිමිකරු වුයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මොහොමඩ් හනීෆා මහතාය.
නමුත් ඔහු දේශපාලනයට පිවිසීමත් සමඟ එම ව්‍යාපාරික තනතුරු අතහැර ඇති අතර, දැනට මෙම ගනුදෙනුව සම්බන්ධව ක්‍රියාත්මක වන්නේ ෆිට්ස් එයාර් නම් අඩු වියදම් ගුවන් සේවයක් සමග එක්ව බවයි වාර්තා වන්නේ.
මෙම ගනුදෙනුවට අමතරව, ඇමරිකාවෙන් ගෑස් හා තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද රජය යෝජනා ඉදිරිපත් කර ඇති බවද සඳහන්ය.
