විපක්ෂ නායකකමින් සජිත්ව එළවනවද? සජබ මහලේකම්ම උත්තර දෙයි

SJB Sajith Premadasa Samagi Jana Balawegaya Latest Headlines Sinhala news
By Ashfa Jul 27, 2025 05:11 AM GMT
Ashfa

Ashfa

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම තනතුරින් ඉවත් කිරීමට රහස් සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි ව්‍යාප්ත වන ප්‍රචාරය ආණ්ඩුවේ තවත් අසත්‍ය ප්‍රචාරයක් බවත්, එය ආණ්ඩු පක්ෂයේ දේශපාලන දුර්වලතාවය, නොසෙසුභාවය සහ වර්තමානයේ සමාජයේ ගොඩනඟන විරෝධතාවයන් වසාදැමීමට උත්සාහ කරන අසාර්ථක කුමන්ත්‍රණයක් බවත් සමගි ජන බලවේගයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

තිරිසනෙක් - උසාවියෙන් දරුවාගේ අයිතිය නොලැබුණ නිසා දරුවාගේ ගෙල කපලා මරලා

තිරිසනෙක් - උසාවියෙන් දරුවාගේ අයිතිය නොලැබුණ නිසා දරුවාගේ ගෙල කපලා මරලා

ඔහු වැඩිදුරටත් සදහන් කළේ, ආණ්ඩුව බලයට පැමිණි දිනයේ සිටම බොරුවකින් සමාජය ආරක්‍ෂා කරමින් පවතින අතර, අද දිනත් එම බොරුවක්ම භාවිතයෙන් බලය තැන්පත් කර ගැනීමට උත්සාහ කරන බවය.

පොලිසියට නොමිලේ ආහාර දුන් නැත්නම් හෝටල් වලට ලෙඩ දානවද? පොලිසියෙන්ම නිවේදනයක්

පොලිසියට නොමිලේ ආහාර දුන් නැත්නම් හෝටල් වලට ලෙඩ දානවද? පොලිසියෙන්ම නිවේදනයක්

එසේම, සජබ තුළ නායකත්වය වෙනස් කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් හෝ යෝජනාවක් සිදු නොවූ බවත්, විපක්ෂ නායකත්වය වෙනත් පුද්ගලයකුට ලබාදීම සදහා කිසිදු සැලසුමක් නැති බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

මේවා ආණ්ඩුව තුළින්ම නිර්මාණය කරනු ලබන බොරුවලට පදනමක් නැති බවත්, ජනතාව වසර ගණනාවක් තිස්සේ පවතින මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට වංචාවට ලක්ව නොවන බවත් ඔහු අවධාරණය කළේය.

ReeCha