විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය..!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙ බලතල වැඩිවන අතිරේක විධාන කිහිපයක් එක් කිරීම හේතුවෙන් එම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමි වූයේ නැහැ.
මේ හේතුවෙන් කැබිනට් මණ්ඩලයට අද දින ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ව්‍යවස්ථා සංශෝධනයට එක්කල විශේෂ විධාන ඉවත් කිරීමෙන් පසුව බවයි වාර්ථා වන්නේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයින් සියල්ල ගේ අනුමැතිය ලැබෙනු ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විශ්වාසය පළ කරනවා. ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂ නායකයින් සියල්ල ගේ අනුමැතිය ලැබුනු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |