ශ්‍රී ලංකාව තෙල් මිල අඩුවටම දෙන්න යයි!! ලෝකයටම අභියෝගාත්මක තීන්දුවක් ගනී?

By Aruna May 01, 2022 04:36 AM GMT
Report

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව වාර්තා වනවා.

ඉන්ධන ආනයනයට යන අධික වියදම අඩු මට්ටමක තබා ගැනීම සඳහා රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි පැවසෙන්නේ.

දැනට රුසියාවට පනවා ඇති සම්බාධක හා එරටෙන් ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදේශ අමාත්‍යාංශය උපදෙස් පතා ඇත.

රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ ය.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් රුසියානු ඉන්ධන ඉතා අඩු මිලට සපයා ගැනීමට හැකිවීම හේතුවෙන් තෙල් සංස්ථාව ඒ සඳහා යොමු වී තිබේ.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට තීරණය වී ඇති බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now