ඇමරිකාව සමග සාකච්ඡා කරපු එකම රට ලංකාව - මාලිමා මන්ත්‍රී
ඇමරිකාව පැනවූ තීරු බදු පිළිබඳ එරට සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ එකම රට ලංකාව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.
එම ප්‍රශ්නය පැන නැඟුණු විට ආණ්ඩුවට දොස් තබමින් විශාල බිල්ලෙක් මැවූ බවට ද හෙතෙම චෝදනා කරයි. තම ආණ්ඩු යටතේ කෙතරම් අර්බුදකාරී ලෙස කටයුතු කළත් බලය අහිමි වූ විට උපදෙස් ලබා දීම සඳහා විශාල උනන්දුවකින් පිරිසක් රටේ සිටින බව ද ඔහු සඳහන් කරයි.
කෙසේ වුව ද තව දුරටත් එම ගැටලුව අවසන් නොමැති බවත් ආණ්ඩුව තවමත් එම සාකච්ඡා සිදුකරන බවත් ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කරයි.
රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.