ජල බිල්පත් සම්බන්ධයෙන් ගත් නවතම තීරණයක් මෙන්න !

gagana news Sri lanka sinhala news today trending news news decision water bills
By krishani Mar 17, 2022 02:01 AM GMT
krishani

krishani

Report

විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී යළි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමක් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යංශයේදී ඊයේදිත්(16) පැවැත්වුණා.

වසර 9 කින් විදුලි බිල්පත් ගාස්තු ඉහළ දමා නොමැති හෙයින් මේ වනවිට විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 250ක පාඩුවක් සිදුව ඇති බවයි නිලධාරීන් පෙන්වා දී තිබෙන්නේ.

බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයට මේ දක්වා අහිමිව ඇති ආදායම රුපියල් බිලියන 25ක්. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වීමක්ද සිදුකර තිබුණා.

ඒ අනුව, ජනතාවට අවම බලපෑමක් සිදුවන පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහා හිමිවූ අවසරය මතයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ. විදුලි ගාස්තු තීරණය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසන් අනුමැතිය හිමිවිය යුතු අතර, එහි සභාපතිවරයා මීට පෙර සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

මේ අතර, බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් 35ක ධාරිතාව හැකි ඉක්මනින් ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

මේ අතර, ජල බිල්පත් හිග සියළුම පාරිභෝගිකයින්ගේ සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ජල සැපයුම් විසන්ධි කිරිමට පියවරගෙන ඇති බවයි එම මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඒකනායක වීරසිංහ සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now