කාන්තාවක් දුම්රියට තල්ලු කරයි.CCTV කැමරාවේ සියල්ල රෙකෝඩ් වෙලා

Accident sinhala news trending news gagana news today news
By krishani Jan 20, 2022 09:57 AM GMT
krishani

krishani

Report

දුම්රිය ස්ථානයකදී කාන්තාවක් දුම්රියකට තල්ලු කර දමන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම වාර්තා වන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දුමිරිය ස්ථානයෙන් බවය.

එහිදී දුම්රිය වේදිකාවේ පසුපස සිටින පුද්ගලයෙකු දුම්රිය පැමිණීමත් සමඟ එක්වරම ඉදිරියෙන් සිටි කාන්තාවක් දුම්රිය මාර්ගයට තල්ලු කර දමා තිබේ.

කෙසේ වෙතත් අදාළ දුම්රියේ රියදුරු ඇසිල්ලකින් දුම්රිය නතර කරගැනීමට සමත් වීමත් සමඟ කාන්තාවගේ දිවි බේරාගැනීමට සමත්වෙයි.

මෙලෙස කාන්තාව තල්ලු කරනු ලැබූ සැකකරු දුම්රිය මාර්ගය ඔස්සේ පළාගිය නමුත් කෙටි වෙලාවකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව එරට බලධාරීන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now