බෝම්බ සිදුවීමට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

trending news gagana news sri lanka sinhala news today hot news
By krishani Jan 19, 2022 06:53 AM GMT
krishani

krishani

Report

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇත.

එම ගිනි අවි අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුණාගත නොහැකි ගිනිඅවියක් තිබෙන බවත් පොලිසිය පවසයි.

බෝම්බ තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

අනතුරුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now