දෙමහල් නිවසක් කඩා වැටෙයි - දෙදෙනකුට බරපතල තුවාල

Accident trending news gagana news today news Sri lanka sinhala news
By krishani Jan 16, 2022 09:38 AM GMT
krishani

krishani

Report

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් තොටළඟ - 75 වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක් කඩාවැටීමෙන් 14 හැවිරිදි සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල තිබෙනවා.

අද(16) පෙරවරු 10.30 කඩාවැටුනු දෙමහල් නිවසේ වැඩකරමින් සිට පෙදරේරුවෙකු සහ යාබද පංදිචිව සිටි සිසුවෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිසුවා සහ පෙදරේරුවා කඩාවැටුනු නිවසේ සුන්බුන් අතර සිරවි සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, කොළඹ 06 ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක 07 වැනි මහලෙන් බිමට පනිනු ලැබූ පුද්ගලයෙකු ඊයේ(15) පස්වරුවේ බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය ප්‍රකාශ කලේ 87 හැවිරිදි එම පුද්ගලයා සිත්තැවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now