බොරුව නිසා රටින් පිටුවහල් කළ ලෝක ශූරයා

sports Deportation world news trending news today news sri lanka sinhala news
By krishani Jan 16, 2022 07:35 AM GMT
krishani

krishani

Report

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා පැමිණි මේ සුපිරි ක්‍රීඩකයා එරටට ඇතුළුවීමේදී සම්පූර්ණ කළයුතු පත්‍රිකාවේ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර තිබීම මීට හේතුවයි.

ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාව නව වරක් ජයග්‍රහණය කර ඇති ජොකොවික් හට මෙම තීරණයත් සමග දහ වන වතාවටත් මෙම කිරුළ ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව අහිමි වෙනවා.

ඔස්ට්‍රේලියානු පංච පුද්ගල ෆෙඩරල් අධිකරණයක් මගින් මෙම තීරණය ලබා දීම හේතුවෙන් එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ජොකොවික් හට හිමි වන්නේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now