රිය අනතුරෙන් එළියට ආ වංචාව

accident trending news gagana news today hot news Sri lanka sinhala news
By krishani Jan 16, 2022 06:57 AM GMT
krishani

krishani

Report

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රිය අනතුරක් සිදුකර පලායමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකි.

පසුගිය 10 වනදා මෙම සැකකරු රඹුක්කන හේවාදිවෙල මාර්ගයේ පිටවල මංසන්ධිය ආසන්නයේදී රිය අනතුරක් සිදුකර තිබේ.

සැකකරු පැදවූ වෑන් රථය පදිකයෙකුගේ ගැටී ඇති අතර පසුව ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

ඒ අනුව පොලිසිය විසින් සැකකාර පුද්ගලයා සහ අදාළ වෑන් රථය සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහිදී ඊයේ (15) සැකකරු පිළිබඳව කොටවැල්ල ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ.

මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු බවය.

මේ අනුව අදාළ සැකකරු මූල්‍ය වංචාවන් 4ක් සම්බන්ධයෙන් පොලිසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකු බව හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now