තවත් සභාපතිවරුන් දෙදෙනෙක්ව ඉවත් කරයි

politics gagana news Sri lanka sinhala news Trending news Mr.Tikiri Kobbakaduwa
By krishani Jan 16, 2022 05:49 AM GMT
krishani

krishani

Report

අයවැය සම්මත නොවීම හේතුවෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.පී. චන්දන කුමාර ජයවන්දල පසුගිය දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සළකනු ලබන බවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රාදේශීය සභා පනතේ වගන්ති ප්‍රකාරව ලැබී ඇති බලතල අනුවයි ඔහු එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එමෙන්ම මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම එහි උප සභාපතිවරයා වෙත පැවරීමටද සබරගමුව ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතර අයවැය සම්මත නොවූ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන ද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ සේ සළකන බවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් දැනුම්දී තිබෙනවා.

එම පුරප්පාඩුව පුරවනතුරු බලංගොඩ නගර සභාවේ අදාළ බලතල ක්‍රියාත්මක කිරීම එහි උප සභාපතිවරයා වෙත පැවරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now