නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන පුද්ගලයෙක් මරුට

accident trending news gagana news Sri lanka sinhala news
By krishani Jan 16, 2022 04:30 AM GMT
krishani

krishani

Report

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 7 වෙනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 87 හැවිරිදි කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇති වු සිත් වේදනාවක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now