කළු ගඟේ දිය නෑමෙන් සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය

sinhala news trending news gagana news sri lanka news Black River Accident while swimming
By krishani Jan 16, 2022 02:00 AM GMT
krishani

krishani

Report

සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙක් අතුරුදන් ව තිබේ.

මෙම පිරිස ඊයේ (15) පස්වරුවේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය පවසයි.

එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ දස හැවිරිදි අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

මිය ගොස් ඇත්තේ 22 සහ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අය බව පොලීසිය නිවේදනය කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now