දයාසිරි නාමල්ට අභියෝග කරයි (VIDEO)

trending news gagana news sri lanka sinhala news Mr.Dayasiri Jayasekara
By krishani Jan 16, 2022 01:32 AM GMT
krishani

krishani

Report

ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) ප්‍රතිචාර දැක්විය.

ඒ හම්බන්තොට පැවති නිදහස් පක්ෂ සම්මේලනයකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය ඊයේ අඟුණකොළපැළැස්ස පුරහලේදී පැවැත්වුණේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“මේ ටිකේ දිගටම අහන්නේ ආණ්ඩුවෙන් යනවද කියලා. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා “අරුණ” පත්තරේ කරපු සම්මුඛ සාකච්ඡාව අරන් බලන්න. එතුමා කියන්නේ මගේ ආණ්ඩු කාලයේ මාත් එක්ක හිටියා සමසමාජේ, කොමියුනිට්ස්. ඒ අයත් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රශ්න ඇතිවුණේ නෑ කියලා එතුමා කියනවා.”

“හැබැයි අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා…ඊයේ පෙරේදා කියනවා. ශ්‍රීලනිපයට යන්නලු. තැන් තැන්වල අඬන්නේ නැතුව. ඒගොල්ලන් දැන් එහෙමනම් අපිට කතා කරන්නේ..අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now