බුලත් කෙල ගැසූ 10කට අධිකරණයෙන් ලැබුණු දඩුව - ඔබත් මේ දේ කරනවා නම් පරිස්සමෙන්
Sri Lanka Police
Badulla
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
බදුල්ල පොලිසිය විසින්, බුලත් කෙලගැසීමෙන් සහ බුලත් සමග ඇති හුනු බිත්තිවල ඇතිල්ලීම සිදු කරමින් නගරයේ පොදු ස්ථාන අපවිත්‍ර කළ බව කියන පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය එක්ව සිදු කළ මෙහෙයුමක දී අදාළ පිරිස හඳුනාගෙන ඇත්තේ.එම සිද්ධියට වරද පිළිගත් සැකකරුවන්ට අධිකරණය මගින් දඩ නියම කර ඇති බව ද සඳහන්.
ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, බුලත්විට හපා කෙල ගැසීමෙන් සහ බුලත් සමග ඇති හුනු බිත්තිවල ඇතිල්ලීමෙන් බදුල්ලේ මධ්‍යම බස් නැවතුම්පොල බෙහෙවින්ම අපවිත්‍ර වී ඇති බවයි.
එම නිසා, එලෙස බුලත් කෙල ගසන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය හා එක්ව බදුල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවරගෙන තිබුණා.
ඒ අනුවයි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
