ඩොලරය 300ය ආසන්නතම අගයකට - රුපියල පාවෙලාම යයි..?

sri lanka Dollars gagana news Sri lanka sinhala news today trending news rupiyal
By krishani Mar 28, 2022 08:50 AM GMT
krishani

krishani

Report

මහ බැංකුව විසින් අද (28) දිනයේ දී නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300ට ආසන්නත ම අගයකට පැමිණ තිබෙනවා. ඒ අනුව අමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.74ක් ලෙස සටහන් වන අතර, විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 298.99ක් ලෙසයි.

යුරෝ ගැනුම් මිල රුපියල් රුපියල් 319.50ක් ලෙසත්, එහි විකුණුම් මිල රුපියල් 330.75ක් ලෙසත් සටහන් වුණා.

බ්‍රිතාන්‍ය පවුමක අගය ගැනුම් මිලෙහි දැක්වුණේ රුපියල් 380.66ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 395.07ක් ලෙස දැක්වුණු අතර, යෙන් ගැනුම් මිල රුපියල් 2.35ක් වුණා. අද දිනයේ දී රුපියල් 2.45කටයි යෙන් විකුණුම් මිල ලෙස සටහන් වූයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now