ඇහුවොත් ඔබ පුදුම වන රත්රන් මිල !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Gold prices
By krishani Mar 27, 2022 07:11 AM GMT
krishani

krishani

Report

යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල සියයට 3 කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබෙනවා.

වසරක් තුළ එහි වැඩිවීම සියයට 13 යි දශම තුනක්, එනම්, ඩොලර් 230 ක්.

මේ අතර කොළඹ හෙට්ටිවීථියේ කැරට් විසි හතරේ රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැටදහසක් ලෙසයි.

ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමද මෙලෙස දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now