විදුලි අර්බුදයට බලපාන තවත් හේතුවක් ගැන විශේෂ අනාවරණයක් - කරන්ට් නැතුව කරුවලේම ඉන්න වෙයි ද..?

sri lanka special announcement gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Mar 27, 2022 04:06 AM GMT
krishani

krishani

Report

රට මුහුණ පා ඇති විදුලි අර්බුදයට වන විනාශයද හේතුවක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරව්දී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මෙරට වන ගහනය මේ වන විට සියයට 16ක් දක්වා අඩු වීම, භූගත ජලය හිග වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

මේ හේතුවෙන් ජල විදුලිය නිපදවීම සදහා අවශ්‍ය වන ජල සංචිත හිගයට නිරන්තරයෙන් මුහුණ පෑමට සිදුව ඇති බවද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දුන්නා.

ජලාශවල ධාරිතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් රොන්මඩවලින් පිරී තිබීම සහ මෙරට පරිසරයේ උණුසුම ඉහළ යාම හේතුවෙන් වාෂ්පීකරණ ක්‍රීයාවලිය වර්ධනය වීම ජලාශවල ජල සංචිත කඩිනමින් අවසන් වීමට බලපා ඇති බවයි.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වීම හේතුවෙන් දෛනික විදුලි නිෂ්පාදනයට ජල විදුලියෙන් ලබා දෙන දායකත්වය සියයට 20ක් පමණ දක්වා මේ වන විට පහත වැටී තිබෙනවා.

මේ දිනවල දෛනික විදුලි නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ තාප බලාගාර වලින්.

ඒ සදහා ගල් අගුරු, ඩිසල්, දැවි තෙල් සහ අනෙකුත් ඉන්ධන වර්ග වැඩි වශයෙන් අවශ්‍ය වනවා. පවතින විදේශ විනිමය අර්බුධය හේතුවෙන් ඉන්ධන ආනයනය ද පවතින්නේ අභියෝගාත්මක තත්වයකයි.

මේ අනුව ඉදිරි කාලසීමාවේ දී වැසි නොලැබුන හොත් මෙරට විදුලි නිෂ්පාදනය දැඩි අර්බුදකාරී තත්වයකට පත්විය හැකි බවයි විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ සොබාදහමේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර අද(27) දිනයේ P සිට W දක්වා කලාප 08ට සවස තුනේ සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලබල මණ්ඩලය පවසනවා.

A සිට L දක්වා වන කලාප 12 සදහා උදෑසන 8.30 සිට සවස 05.30දක්වා කාලය තුළ පැය දෙකයි විනාඩි 15ක් සහ සවස 05යි 30ත් රාත්‍රී 10යි 30ත් අතර කාලයේ දී පැයයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now