ශ්‍රීලංකන් ගුවන් මගීන්ට ලැබුණ අලුත්ම වාසිය මෙන්න !

sri lanka srilankan airline gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 26, 2022 05:34 AM GMT
krishani

krishani

Report

ඉන්දීය රජය ජාත්‍යන්තර වාණිජ මගී ගුවන් සේවා සඳහා රට නැවත විවෘත කිරීමත් සමඟ 2022 මාර්තු මස 27 සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දියාවේ සිට කොළඹට සහ ඉන් ඔබ්බට පියාසර කිරීමට හැකියාව ලැබෙනු ඇත.

COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව 2020 මාර්තු මාසයේ සිට ඉන්දියාවට සහ ඉන් පිටතට වාණිජ ගුවන් ගමන් සීමා කරන ලදී.

ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් අතර ගුවන් ගමන් ආරක්ෂිත බුබුලු ආකාරයෙන් සහ විවිධ සෞඛාරක්ෂිත නියාමනයන්ට අනුකූලව සිදුවිය.

මේ මස අවසානයේ දී ඉන්දියාවේ ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවා යථා තත්ත්වයට පත් වීමත් සමඟ වසංගතයට පෙර මගීන් පුරුදු වී සිටි පහසු සහ නම්‍යශීලී ගුවන් ගමන් එළෙසින්ම අපේක්ෂා කළ හැකිය.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමන් ගන්නා ගුවන් මගියෙකුට කොළඹ හරහා ඹ්නෑම  ඉන්දියානු ගමනාන්තයකට ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇත. ඊට අමතරව ඉන්දියානු ගමනාන්ත හරහා ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලයේ ඕනෑම ජාත්‍යන්තර ගමනාන්තයකට යාමට මගීන් අවස්ථාව සැලසේ.

තවද , ලොව ඕනෑම තැනක සිට ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගන්නා මගීන්ට කොළඹ හරහා ගුවන් සමාගම පියාසර කරන ඉන්දියානු නගර නවයකට පහසුවෙන් සම්බන්ධ විය හැකිය.

ශ්‍රී ලංකන් දැනට දිල්ලි; මුම්බායි; හයිද්රාබාද්; ත්‍රිවාන්ද්‍රම්; කොචි; චෙන්නායි; ට්‍රිචි; මදුරෙයි; සහ බැංගලෝර් යන ඉන්දියානු  ගමනාන්ත වෙත සතිපතා ගුවන් ගමන් 55ක්  සිදුකරයි.

කෙසේ වෙතත්, එළඹෙන ගිම්හාන සමය සඳහා පූර්ව-COVID-19 මට්ටම්වලට ගැලපෙන පරිදි සතිපතා ගුවන් ගමන් 88 ක් සමඟින් එහි මෙහෙයුම් දෙගුණ කිරීමට ගුවන් සමාගම සැලසුම් කර තිබේ.

ඉන්දියානු  ගුවන් ගමන් සීමා කිරීම් ඉවත් කිරිමත් සමඟ  ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් ගමන් වාර ගණන පුළුල් කිරීම  හැකියාව ලැබී අතර එමගින් මගීන්ට පහසු සම්බන්ධතා ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

තවද  ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ට වැඩිදියුණු කළ ගුවන් ගමන් විකල්පයන්  හඳුන්වා දෙමින් ඉන්දියාව සහ මාලදිවයිනේ ගමනාන්ත සම්බන්ධතාව  වැඩිදියුණු කරමින් මෙන්ම ඈත පෙරදිග; මැද පෙරදිග, යුරෝපය සහ ඕෂනියාව වෙත පහසු ගුවන් ගමන් විකල්ප  ද ගුවන් සේවය හඳුන්වා දී තිබේ.

වසංගතය නිසා ඇති වූ  බොහෝ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රීලංකන් පසුගිය වසර දෙක තුළදී විවිධ වෙළඳ ගමනාන්ත වෙත  ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ගුවන් සමාගම සෝල්, සිඩ්නි; කත්මණ්ඩු; ෆ්රැන්ක්ෆර්ට්; පැරිස්; මොස්කව් වෙත මෙහෙයුම් දියත් කරන ලදී. ඉදිරි වසර තුළදී මගීන්ගේ ප්‍රයෝජනය සඳහා දැනට පවතින මාර්ග ජාලය තවදුරටත් ස්ථාපිත කිරීමට ගුවන් සමාගම අපේක්ෂා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now