ආණ්ඩුවේ ප්‍රබලයෙක් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙයි !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Mr.Nimal Lansa
By krishani Mar 22, 2022 04:52 AM GMT
Report

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ග්‍රාමීය මාර්ග සහ අවශේෂි යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු අද(22) දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මස 22 වනදා අමාත්‍ය ධූරයේ වඟකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදුවූ ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලා ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කළා.

ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු දක්වා ඇත්තේ, අදාළ ලිපියෙන් මතු කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවන බවයි.

අමාත්‍යවරයෙකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ රැදී සිටිය හැකි වුවද ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් සිටින මෙම අවස්ථාවේ ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට හෘද සාක්ෂියට ඉඩ ලබා නොදෙන බව ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබෙනවා.

එමනිසා අද දිනයේ සිට තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවයි ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් සිහිපත් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now