ඉන්ධන පෝලිමේදී මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව හෙළිවේ ! (VIDEO)

sri lanka death gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 21, 2022 01:40 AM GMT
krishani

krishani

Report

මහනුවර ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදි සිටියදී සිහිසුන්ව ඇද වැටී මිය ගිය පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශ කළා.

ඊයේ(20) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.

භූමිතෙල් ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිමක රැදී සිටියදී පෙරේදා පස්වරුවේ මොහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර මහනුවර ජාතික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණා.

එලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට - වත්තේගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක්.  

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now