නව කිරිපිටි මිල නිල වශයෙන් ප්‍රකාශයට - මිල වැඩි කළත් අර්බුදයක බව සමාගම් කියන කතාව !
ආනයනික කිරිපිටිවල වැඩි කළ නව මිල කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් ඉහළ යන අතර, එහි නව මිල වන්නේ රුපියල් 790 ක්.
එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 600 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1945 ක් ලෙසයි.
ඩොලර් අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කිරි පිටි මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් මෙම මිල ඉහළ දැමීම සිදුකළ බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ.
මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ කිරිපිටි ආනයනය කිරීම සීමාසහිත වීම හේතුවෙන් ආනයනික කිරිපිටි සමාගම් ඒවා පවත්වාගෙන යාමේ අවදානමකට මුහුණ දී සිටිනවා.
පිටිකිරි නිෂ්පාදන ප්‍රමාණවත් තරම් ආනයනය නොකිරීම හේතුවෙන් තමන් මෙලෙස අර්බුදයකට මුහුණදෙන බවයි කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ.
නිෂ්පාදන ආනයනය ප්‍රමාදවීමත් සමඟ කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍රද ක්‍රියාත්මක නොවන බව සඳහන්.
එසේම, අලෙවි නියෝජිතයින්ටද මෙන්ම සේවය කරන පුද්ගලයින්ටද රාජකාරී නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වයටද මින් බලපෑම් එල්ල වන බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ.
එසේම මිල වැඩි කිරීම හේතුවෙන් ජනතාව කිරිපිටි පරිභෝජනයෙන් ඉවත් වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |