ආසියාවෙන් වැඩිම උද්දමන රට ලංකාව ! මේ මාසය තුළම භාණ්ඩ මිල ගණන් වලට තවත් කුමක් වෙයි ද ? කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශයක් !

sri lanka Inflation gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 19, 2022 07:35 AM GMT
krishani

krishani

Report

පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම මාසයේ උද්ධමනය සියයට 25 ක පමණ අගයක් දක්වා වර්ධනය විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

මෙම මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 30 ත් 35 ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔහු පුරෝකථනය කරන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ මෙරට උද්ධමනය සියයට 16.8 ක් දක්වා ඉහළ ගිය අතර එය ආසියානු කලාපයේ රටවල් අතරින් වැඩිම උද්ධමන අගය ලෙස ද වාර්තා වුණා.

භාණ්ඩ වර්ග රැසක මිල ගණන් මෙම මාසය තුළ ඉහළ යාම උද්ධමනය තවදුරටත් වැඩිවීමට බලපාන බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කියා සිටියේ.

භාණ්ඩ හිගකම හේතුවෙන් මෙරට භාණ්ඩ මිල ගණන් තවත් වට කිහිපයකින් ඉදිරියේදී ඉහළ යා හැකි බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව උද්ධමනය මැනීම සඳහා භාවිත කරන මිල ගණන් සහ පවතින භාණ්ඩ මිල ගණන් අතර විශාල වෙනසක් පවතින බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now