රජයේ නාලිකාවේ ප්රවෘත්ති විකාශය මැද පුටින්ට විරෝධය දැක්වූ එඩිතර මාධ්‍යවේදිනියට අත් වූ සිතා ගත නොහැකි ඉරණම !
Ovsyannikova කියලා කියන්නේ රුසියාවේ රජය විසින් පාලනය කරන නාලිකාවක් වන චැනල් වන් හි සංස්කාරකවරයෙකු ලෙස සේවය කරන තරුණියක්.
චැනල් වන් කියලා කියන්නේ රටේ වැඩිහිටියන් විසින් පුළුල් ලෙස නරඹන නාලිකාවක්. එයිනුත් රාත්‍රී 9 ට විකාශය වන ‘ටයිම්’ ප්රවෘත්ති වැඩසටහන මිලියන ගණනක් ජනතාව නරඹනවා.
සිද්ධිය වෙන දවසේ ප්රවෘත්ති නිවේදිකාව විදිහට කටයුතු කරන්නේ යෙකටරිනා ඇන්ඩ්‍රීවා. ප්රවෘත්ති විකාශය අතරමැද Ovsyannikova කළු නිල ඇඳුමකින් සැරසී පෝස්ටරයක් අතැතිව කැමරාව ඉදිරියට පැමිණෙනවා.
පෝස්ටරයේ ඉංග්‍රීසියෙන් 'යුද්ධයක් එපා' කියලා සටහන් වෙනවා. ඒ වගේම එම පෝස්ටරයේම රුසියානු භාෂාවෙන් 'යුද්ධය නවත්වන්න.
ප්‍රචාර විශ්වාස කරන්න එපා. මෙතන හැමෝම ඔයාලට බොරු කියනවා. රුසියානුවන් මේ යුද්ධයට විරුද්ධයි කියලා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා.' යනුවෙන් සඳහන් වෙනවා.
සිද්ධියෙන් පස්සෙ පෝස්ටරය අල්ලාගෙන සිටි Ovsyannikovaව අත්තඩංගුවට පත්වෙනවා.
ඊටපස්සෙ ඇය අතුරුදන් වෙනවා. Ovsyannikova වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතීඥවරියක් විසින් ඇය යම් තැනක රඳවාගෙන ප්‍රශ්න කරනු ඇති බව මාධ්‍යට වාර්තා කරලා තියෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |