පවතින මුදල් අර්බුදය විසඳා ගැනීමට මහ බැංකුවේ නිර්දේශය - අර්බුදය විසඳා ගැනීමට හැකි වේවි ද..?

sri lanka Central Bank of Sri Lanka gagana news Sri lanka sinhala news today trending news Recommendation money crisis
By krishani Mar 19, 2022 05:08 AM GMT
krishani

krishani

Report

පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

එසේම එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්  විශේෂ යෝජනාවලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  රජයට  දැනටමත්  ඉදිරිපත් කරන ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පවතින තත්වය යටතේ  අකමැත්තෙන් හෝ  එම තීරණයට යෑමට සිදුවන බවයි.

පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වැනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බවද  ඔහු සඳහන් කළේ‍ය.

කෙසේ වෙතත් රටට අත්වන  වාසි සහ අවාසි තත්වයන් ඉතා සමීපව  නිරීක්ෂණය කරමින් එම සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව පැවසූ   මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා ඒ පිළිබඳවූ පැහැදිලි   ස්ථාවරය   ජාතිය අමතා කළ  කතාවෙන් පැහැදිලි කළ බවද  ප්‍රකාශ කළේය.

එසේ කටයුතු නොකළහොත්  පවතින අර්බුදය  තවත් උත්සන්න විය හැකි බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා   පැවසුවේය.

මේ අතර රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස  යෝජනා අටකින් සමන්විත යෝජනාවලියක්ද තමා රජයට බාරදී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now