ජල බිල්පතට වෙන්න යන අලුත්ම වැඩේ..?

sri lanka gagana news Sri lanka sinhala news today trending news water bills
By krishani Mar 18, 2022 11:33 PM GMT
krishani

krishani

Report

ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජල ගාස්තු වසර 10 කින් ඉහළ නංවා නැතැයි එම මණ්ඩලය පවසයි. මේ අතර මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

කොවිඩ් ව්‍යාප්ති ආරම්භවීමත් සමඟ ජල සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

හිඟ ජල බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජල සම්පත් මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now