ගෑස් නෑ! බෙහෙත් නෑ! තෙල් නෑ! රජයේ රෝහල්වලට වෙන්න යන වැඩේ !

trending news gagana news Sri lanka sinhala news sri lankan hospital
By krishani Mar 18, 2022 06:05 AM GMT
krishani

krishani

Report

ගෑස් හිගය, ඉන්ධන හිගය සහ අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් රජයේ රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඉන්ධන හිගය හේතුවෙන්, වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තා කිරීමේ අපහසුතා මේ වන විටත් මතුව ඇතැයි, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.

එමෙන්ම, රට තුළ පවතින දැඩි ගෑස් හිගය, රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය ආහාර පිසීමට ද බාධා එල්ල කරමින් තිබෙන බව ඔහු පවසයි.

දැනටමත් කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කීපයක ආපන ශාලා වසා දමා ඇති බවත්, මේ තත්ත්වය තවත් සතියකින් පමණ දරුණු ලෙස බලපෑ හැකි බවයි ඔහු පවසන්නේ.

ඒ සියළුදේටම වඩා බරපතල කාරණය වී ඇත්තේ, රෝගීන්ට ලබා දීමට රෝහල් තුළ ඖෂධ නොමැති වීම බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ ගැටළු කඩිනමින් නොවිසදන්නේ නම්, නුදුරේදීම රජයේ රෝහල් පද්ධතිය වසා දැමීමට සිදුවනු ඇතැයි ඒ මහතා අනතුරු හගවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now