රටේ දැනට තිබෙන ඉන්ධන සංචිතය ප්‍රමාණවත් ද - නැත්තම් ජනතාවට තවත් දිගු පෝලිම්වල රැදි සිටින්නට වේවි ද..? ආන්ඩුවෙන් ප්‍රකාශයක් !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Fuel storage
By krishani Mar 18, 2022 05:19 AM GMT
krishani

krishani

Report

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකගේ පවසනවා.ඔහු ප්‍රකාශ කළේ ඉන්දිය ණය ආධාර යටතේ ද ඉන්ධන තොග මෙරටට ලැබෙමින් ඇති බවයි.

රටට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට ගොඩබාමින් ඇති බවත්, තවත් ඉන්ධන නෞකා ඉදිරියට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අද(18) සහ හෙට ඉන්ධන බෙදා හැරීම යථා පරිදි සිදුවීමත් සමඟ තවත් දින දෙකකින් මේ වන විට ඇති ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා එසේ පවසද්දීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්. පොහොය දවසක් වූ ඊයේ දිනයේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණා.පැවති තොග අවසන් වීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වසා දැමීමට පවා සිදුව තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයන් ද වාර්තා වුණා. ඒ අනුව රටේ ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගාගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ ඉන්දියානු ණය ආධාර යටතේ ලද මෙට්ට්‍රික් ටොන් 35,000 ක ගුවන් යානා ඉන්ධන තොගය කොළඹ වරායේදී ගොඩබාමින් ඇති බවයි. මෙට්ට්‍රික් ටොන් 38,000 ක ඔක්ටේන් 92 පෙට්‍රල් නෞකාවක්ද මුතුරාජවෙලදී ගොඩබාමින් ඇති බව අමාත්‍යංශ ලේකම්වරිය සඳහන් කළා.

කෙසේවෙතත් රට තුළ ඊයේ සහ පෙරේදා දින දෙකෙහි පැවති පෙට්‍රල් පෝළිම් සම්බන්ධයෙන් ද මෙහිදී විමසා සිටියා. එහිදී ඇය කියා සිටියේ ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත රට තුළ පවතිද්දී මෙවැනි පෝළම් ඇතිවූයේ කෙසේදැයි සිතාගත නොහැකි බවයි. පොහොය දිනවලට ඉන්ධන බෙදීම සිදුනොකළ ද ඊයේ දිනයේ පවතින තත්ත්වය සලකා ඉන්ධන තොග බෙදාහැරි බවයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now