ඉන්ධන-ගෑස් ලබාදීමේ දී ප්‍රමුඛතාව දිය යුතු ආකාරය ඉල්ලන ඇමති !
ඉන්ධන හා ගෑස් ලබාදීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත.
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට සංචාරකයන් 235,000 කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවත්, සංචාරකයන් 50,000 කට ආසන්න පිරිසක් මේ වන විටත් රට තුළ සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කී ඇමතිවරයා රටට විදේශ විනිමය උපයන සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනයාම සදහා සහයදීම ජාතික අවශ්‍යතාවයක් බව සඳහන් කරයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන හා ගෑස් ලබාදීමේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ගෑස් සමාගම් හරහා අවස්ථාව සලසන ලෙස ද ඇමතිවරයා ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |