රුසියාවෙන් ශ්‍රී ලංකාවට තෙල් නෞකාවක් - දැන්වත් තෙල් මිල බහියි ද ?

sri lanka russia gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 17, 2022 07:17 AM GMT
krishani

krishani

Report

රුසියාවෙන් ශ්‍රී ලංකාව බොරතෙල් මිල දී ගැනීමට සිදු කරන සාකච්ඡා මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගියදා ලක් රජය විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට ඇති සූදානම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ කරුණු සත්‍යයක් බවට පත් කරමින්.

රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියට බටහිර රාජ්‍යයන් මේ වනවිට සම්බාධක පනවා තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වන්නේ මේ වනවිට දින 20කට ආසන්න කාලයක් තිස්සේ පවතින රුසියානු - යුක්‍රේන යුද අර්බුදයයි.

මේ හේතුවෙන් ජපානය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රෙලියාව, කැනඩාව මෙන්ම අමරිකාව ද රුසියාවට විරුද්ධව සම්බාධක පැනවූවා.

මෙම තත්ත්වය මතයි බොහෝ ප්‍රබල බටහිර රාජ්‍යයන් රුසියාවෙන් බොරතෙල් ගැනීම පවා ප්‍රතික්ෂේප කළේ. ඉන්දීය රජය ද අවම මිල ගණන් යටතේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමට තීරණය කෙරුණු අතර, රුසියාවේ සමීපතම මිතුරු රාජ්‍යයන් ලෙස සැලකෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට මෙම බොරතෙල් සැපයෙන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ගණන්වලටත් වඩා අඩු මිලකටයි.

ඒ අනුව රුසියාවෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් අඩංගු නෞකාවක් ලබාදීමටයි එකඟ වී ඇත්තේ. මීට පූර්වයෙන් ෂෙල් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය පසුව ශ්‍රී ලංකා වෙත තෙල් සැපයූවේ රුසියාවයි.

රුසියාවෙන් අවම මිලකට තෙල් ගැනීම හේතුවෙන් ඉදිරියේ දී මෙරට තුළ ඉන්ධන අර්බුදය විසඳීමට සහ ඉන්ධන මිල අඩු කිරීමට ද එයින් පිටුවහලක් සැකසෙනු ඇති බවයි රජයේ ඉහළ පාර්ශ්ව සඳහන් කළේ.

රුසියානු - යුක්‍රේන යුද අවුල හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉතිහාසයේ ඉහළතම අගයන්වලට වැඩිවුණා. විශේෂයෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල පවා අමරිකානු ඩොලර් සියයයේ අගය ඉක්මවා ගිය අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කලා. මෙවන් තත්ත්වයක් මත යුරෝපා රාජ්‍යයන්හි සම්බාධක මධ්‍යයේ දී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් හට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දර්ශකය ඉහළ යාම මත දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපෑමටයි සිදු වුණේ.

ඒ අනුවයි ශ්‍රී ලංකාව තුළ ද ඉන්ධන මිල ගණන් ඉහළ මට්ටමකට පරිවර්තනය වුණේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින ඩොලර් හිඟය ද ඉන්ධන මිල ඉහළ යාම වෙනුවෙන් සෘජුව බලපෑම් එල්ල කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now