සුපිරි වෙළඳසැල් බිඳ කොල්ල කන කල්ලියක් අතටම මාට්ටු වුන හැටි !

police sri lanka Arrested Theft gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 17, 2022 05:53 AM GMT
krishani

krishani

Report

සුපිරි වෙළෙඳසැල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධි 14 කට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 30, 34, 37, 38 සහ 39 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් කිරිබත්ගොඩ, දෙල්ගොඩ, ගල්කිස්ස, දෙහිවල, පිළියන්දල, මහරගම, බම්බලපිටිය, වැලිකඩ හා බණ්ඩරගම යන පොලිස් වසම්වල පිහිටි සුපිරි වෙළෙඳසැල් බිඳ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔවුන් විසින් සොරකම් කරන ලද දේපළ ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථ 02ක් සහ සොරකම් කරන ලද දේපළ විකිණීමෙන් ලබා ගත් රුපියල් 162,600ක මුදලක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අද (17) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now