තාත්තට ලේ පිළිකාවක් ! ඉන්න හිටින්න තැනක් නෑ ! අක්කලා මල්ලිලා 6 දෙනාගේ බඩ පුරවන්නේ අවුරුදු නවයේ අයියා කොස් කඩලා දෙන එකෙන් ! වේල් තුනම කන්නෙ ලුණු දාපු කොස් ! හදවත් කම්පා කරවන දුක්බර පුංචි දිනේෂ්ගේ කතාව (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news A poor story
By krishani Mar 17, 2022 05:01 AM GMT
krishani

krishani

Report

අහස උසට රටේ බඩු මිළ ඉහල ගිහින් තියෙන කාලෙක එදා වේලවත් හොයාගන්න බැරි අසරණ පවුල් කීයක් නම් අපේ රටේ ජිවත් වනවාද.එක වේලකින්වත් තම ළමයින්ගේ බඩ පුරවන්න බැරුව කී දෙනෙක් නම් දෙමාපියන් පිච්චි පිච්චි හිතින් දුක් වෙනවා ඇත් ද ?

සිය සහෝදර සහෝදරියන් හය දෙනාගේ කුස පිරවීමට කොස් ගස් නැග කොස් කඩන නව හැවිරිදි ‌සහෝදරයකු පිළිබද කහවත්ත ඇන්දගාන ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම නව හැවිරිදි දරුවා කොස් කඩාගෙ පැමිණීමෙන් අනතුරුව මව විසින් එම කොස්, වේල් තුනටම සකස් කොට ලුණූ දමා කෑමට දෙන බව දැනගන්නට ඇත.

එම පවුලේ පියා හට ලේ පිළිකාව වැලදී ඇති අතර පවුලේ දරුවන්ගේ පාසල් ගමන පවා අතරමග නැවතී ඇති බව පැවසේ.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now