ජනතාවට ඇඳිවතත් නැති වෙන ලකුණූ..?
sri lanka
gagana news
Clothing
Sri lanka sinhala news
today trending news
By krishani
ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසනවා.
රුපියල අවප්‍රමාණය වීම නිසා මේ වන විටත් රෙදි මිල සියයට 35 කින් වැඩිවී ඇතැයි එම සංගමය සදහන් කළා. විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වය යටතේ දේශීය සැපයුමේ නිරත ඇඟලුම් කම්හල්වලට ලාභ ලැබීම පිළිබඳ විශ්වාසයකින් නිෂ්පාදන කටයුතු කරන්නට නොහැකි වී ඇති බව ත් එම සංගමය පෙන්වා දෙනවා.
මෙම අර්බුදයේ වෙනසක් සිදු නොවුන හොත් අවුරුදු සමය වන විට ජනතාවට අතින් හෝ කොළ අතුවලින් විලි වසා ගන්නට සිදු වනු ඇති බව ද සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |