ගෑස් සම්බන්ධයෙන් ජනතාවට අද සුබම සුබ ආරංචියක් මෙන්න !

sri lanka Gas gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 17, 2022 02:37 AM GMT
krishani

krishani

Report

කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවලට මුදල් ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ(16) රාත්‍රියේ ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නෞකාවලින් ගෑස් තොග ගොඩබෑම අද සිට සිදු කරනවා. ගෑස් නොමැතිවීම හේතුවෙන් අද සිට ආපනශාලා රැසක් වසා දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කළා.

එමෙන්ම ඉදිරි දින 25කට ප්‍රමාණවත් ඉන්ධන තොග දින 10 තුළ මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඔවුන් සඳහන් කළේ, ඒ අනුව ඩීසල් මෙටි්‍රක් ටොන් 140,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 60,000ක් ඉදිරි සති 2 තුළ මෙරටට ලැබීමට නියමිත බවයි. ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ලබන 21 හෝ 22 වන දා මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ, රට තුල ඉන්ධන හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. එමෙන්ම අද දිනයේ පී සිට ඩබ්ලිව් දක්වා කලාපවලට පස්වරු 3ත් පස්වරු 11ත් අතර කාලයේ දී පැය 02ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම ඒ සිට එල් දක්වා කලාපවලට උදෑසන 9 සිට සවස 5 දක්වා පැය 2ක කාලයක් ද සවස 5 සිට රාත්‍රී 10 දක්වා යළි පැයයි මිනිත්තු 15ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now