ලෝක උරුම සීගිරියට ආ අලුත්ම ප්‍රශ්නය !

sri lanka Sigiriya gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 16, 2022 03:53 AM GMT
krishani

krishani

Report

සීගිරියේ සංචාරකයින් ප්‍රවාහනය කරන සෆාරි කරත්ත වලින් වාර්ෂිකව රුපියල් 3,000 නව කරත්ත බද්දක් අයකර බලපත්‍රයක් නිකුත් කිරීමට දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එම ආයතන සඳහන් කළේ සෆාරි කරත්ත මගින් සීගිරිය ආශ්‍රිත ග්‍රාමීය මාර්ගවල සංචාරකයින් ප්‍රවාහනය කිරීමේදී එම මාර්ග වලට සිදුවන හානිය සැලකිල්ලට ගෙන ඒවා නඩත්තු කිරීමේ අරමුණින් මෙම බදු මුදල අයකිරීමට තීරණය කර බවයි.

දැනට සීගිරිය සංචාරක කලාපයේ සංචාරකයින් ප්‍රවාහනය සඳහා සෆාරි කරත්ත 50කට අධික සංඛ්‍යාවක් භාවිතයේ යෙදන අතර එක් ගමන් වාරයක් සඳහා සංචාරකයෙකුගෙන් රුපියල් 3000 ත් 4000 ත් අතර ගාස්තුවක් අය කෙරෙනවා. කෙසේ වෙතත් එම මුදලින් කරත්ත හිමිකරුට හිමිවන්නේ රුපියල් 1000 ක මුදලක් පමණක් බවයි සීගිරිය සෆාරි කරත්ත හිමිකරුවන් සඳහන් කළේ.

සෙසු මුදල් මඟ පෙන්වන්නන්ට සහ සම්බන්ධීකරණ අතරමැදියන්ට හිමි වනවා. මෙම සෆාරි කරත්ත මගින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමට මෙතෙක් බදු අයකිරීමක් හෝ බලපත්‍ර නිකුත් කිරීමක් ක්‍රියාත්මක වූයේ නැහැ. සෆාරි කරතත්ත හිමිකරුවන් පවසන්නේ මෙලෙස නව කරත්ත බද්දක් අය කිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි. මේ සම්බන්ධයෙන් අප දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී.සෝමතිලකගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සීගිරියට පැමිණෙන විදේශිීය සංචාරකයෙකුගෙන් රුපියල් 7,000 ක මුදලක් අය කෙරුණ ද එම සියලු මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබා ගන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now