ලිට්‍රෝ වෙතින් ජනතාවට විශේෂ සතුටුදායක ආරංචියක් මෙන්න !
අද(08) දිනයේ දී දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
මේ වනවිටත් ගෑස් මෙටි්‍රක් ටොන් 2600ක් අඩංගු නෞකාවක් නැංගුරම්ලා එහි ගෑස් ගොඩබාමින් පවතින බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, හෙට සහ අනිද්දා දිනවලදී ද මෙට්‍රික්ටොන් ටොන් 3500ක ගෑස් ගොඩබෑමට නියමිත බව එම ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් නෞකාවලට මුදල් ගෙවීම ප්‍රමාද වූ අතර ඊයේ(07) ඊට අදාළ මුදල්, මුදල් අමාත්‍යාංශය විසින් පියවීමත් සමඟයි ගෑස් ගොඩබෑම අද සිට ආරම්භ වූයේ.
පසුගිය දින කිහිපය තුලදීම දිවයින පුරා ගෑස් නොමැතිවීම හේතුවෙන් ක්ෂේත්‍ර රැසක දෛනික කටයුතු අඩපණ වුණා.
ඇතැම් ආපනශාලා සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබුවේ ගෑස් නොමැතිවීම හේතුවෙන්. මේ අතර, ලංකා විදුලි පොදු සේවක සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, එහි සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ ඩොලර් අර්බුදය හේතුවෙන් ගල් අඟුරු හිඟයක් ද මතුවීමේ අවදානමක් මතු වී ඇති බවයි.
දැනට අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු පවතින නමුත් වාරකන් සමය එළඹීමට පෙර වසරේ ඉදිරි කාලසීමාව සදහා අවශ්‍ය ගල් අගුරු මිල දී නො ගත හොත් විදුලි කප්පාදුව සිදුකරන කාලසීමාව ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ඔහු කියා සිටියා.
මේ අතර, දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් පවතිනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග නොලැබීම ඊට හේතුව බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |