විමල්ට සහ ගම්මන්පිලට හෙට පාර්ලිමේන්තුවේදී වෙන්න යන විශේෂ දේ මෙන්න !

sri lanka parliament gagana news Sri lanka sinhala news today trending news Mr.Udaya Gammanpila Mr.Wimal weerawanshe
By krishani Mar 07, 2022 09:18 AM GMT
krishani

krishani

Report

කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය ධුරය දැරූ උදය ගම්මන්පිල යන දෙදෙනා ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කිරීම ත් සමග පාර්ලිමේන්තුවේ පළමු පෙළ සිට සිව් වන පෙළට ඔවුන්ගේ අසුන් පැනවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, හෙට(08) රැස්වන පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශට සිව් වන පෙළ 73 වන ආසනයේත් උදය ගම්මන්පිලට එම පෙළේ ම 78 වන ආසනයේත් අසුන් ගැනීමට සිදුවනු ඇත.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නව කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කළ එස්.බී. දිසානායකට පළමු පෙළ 2 වන අසුන පැන වීමට කටයුතු යොදා තිබෙන බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

විදේශ කටයුතු අමාත්‍ය ධුරය හොබවන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට 10 වන අසුන පැනවීමට කටයුතු යොදා ඇති බව ත් ඔහු පවසනවා.

තව ද ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් කළ දිලුම් අමුණුගම මහතා 30 වන ආසනයේ ත්, නැවත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කළ අරුන්දික ප්‍රනාන්දුට 36 වන ආසනයේ ත් අසුන් පැනවීම සිදු කර ඇති බව වේත්‍රධාරීවරයා වැඩිදුරට ත් සඳහන් කළා.