විදුලි කප්පාදුව අද සිදු වන්නේ මෙහෙමයි - විශේෂ සාකච්ඡාවකුත් අද !

sri lanka gagana news special meeting Sri lanka sinhala news today trending news power cuts
By krishani Mar 06, 2022 05:06 AM GMT
krishani

krishani

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (06) පැය දෙකයි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ඒ, බී සහ සී කලාපවලට පමණක් අද දිනයේ විදුල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඉරිදා දිනයක් වන අද දහවල් කාලයේ මෙගාවොට් 1,650 ක විදුලි ඉල්ලුමක් අපේක්ෂා කෙරෙන අතර සවස් කාලයේ මෙගා වොට් 1,550ක විදුලි ඉල්ලුමක් අපෙක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

අද රාත්‍රී කාලයේ අපේක්ෂිත විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක්. පවතින තත්ත්වය මත ජනතාව තවදුරටත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කරනවා.

මේ අතර විදුලිය කප්පාදුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිතයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී මහතා කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු විදුලි ජනනයට අදාළ අංශ සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඒ අනුව ඉදිරියේදී විදුලිය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කෙරෙන බව ඔහු සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now