අඹු සැමියන්ගේ බහින්බස් වීම මාරයා ළඟට ගිය ඛේදනීය සිදුවීම !

sri lanka crime gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 05:46 AM GMT
krishani

krishani

Report

දඹල්ල පොලිස් වසමේ දැලිව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඒ ඊයේ (28) වැනි දා යි. එහි දී කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති අතර, මොනරාගල - සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව කාන්තාව මිය ගිය බව යි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 28ක දැලිව - රුවල්වෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.පවුල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් මෙම අනතුරු සිදු වී ඇති බවට යි පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඝාතනය සිදු කළ, මරණකාරියගේ ස්වාමි පුරුෂයා වන 34 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දඹගල්ල පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now