අයිස් කත බේරා ගැනීමට දත කෑ සැකකරු පොලිසියට මාට්ටූ වුන හැටි !

police sri lanka arrested gagana news Sri lanka sinhala news drugs case
By krishani Feb 25, 2022 07:55 AM GMT
krishani

krishani

Report

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක බේරා දෙන බවට පවසා ඇගේ වැඩිමල් සහෝදරිය ගෙන් රුපියල් ලක්ෂ 4 ක මුදලක් බලෙන් ලබාගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ට අසන්න ප්‍රමාණයක් සමඟ 22 හැවිරිදි කාන්තාවක නවගමුව පොලිසිය මගින් නවගමුව නිවසකදී විිසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකාරිය කැලණිය ප්‍රදේශය පදිංචිකාරියක් බවත් ඇය නවගමු ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

එම කුලී නිවස හිමි (35) හැවිරිදි පුද්ගලයා සැකකාරියගේ සොහොයුරිය ගෙන් ඇය බේරා දෙන බවට පවසා බලෙන් මෙම මුදල ලබාගෙන ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර.සැකකරු බලෙන් ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 4 ක මුදලෙන් 3,98000 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉහත සැකකාරිය ද, ඇය බේරා දෙන්නට බවට පවසා මුදල් ලබාගත් සැකකරුවන්ද අද (25) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now