ඩොලර් නැතුව ඩීසල් නැවක් හරවලාම යවලා ! ඩිසල්,පෙට්‍රල් තියෙන්නේ තව දවස් තුන හතරකට විතරයි ! ඉදිරියේ දී වාහන මහ මගම නතර වෙයි ද ?

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 25, 2022 03:49 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද හෙතෙම පැවසීය.

වරායේ රැදී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවද පැවසූ ඔහු තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් සඳහන් කරයි.

විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද හෙතෙම පැවසීය. ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now