විදුලි කප්පාදුව අධ්‍යාපනයටත් මාරාන්තික බලපෑමක් එල්ල කරලා ! එයට විසඳුමක් නැද්ද ? (VIDEO)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
power cuts
By krishani
දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
ලංකා ගුරු සංගමය සඳහන් කළේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා භාවිතයට ගැනෙන තාක්ෂණික උපකරණ ක්‍රියාකරවීම සඳහා විදුලිය අවශ්‍යවීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවයි.
එමෙන්ම එක් එක් ප්‍රදේශවලට එකිනෙකට වෙනස් වේලාවන් වලදී විදුලිය කප්පාදු කිරීමත් සමග දුරස්ථ ප්‍රදේශ වල සිටින ගුරුවරුන්ට සහ සිසුන්ට එකම වේලාවකදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීමට බාධා ඇතිව තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටින සිසුන්ද මෙම විදුලි කප්පාදුව සමග දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි ලංකා ගුරු සංගමය ඊයේ (23) සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |