අනියම් පෙම්වතියව මාඔයේ බෝට්‌ටු සවාරි ගෙන ගොස් පෙම්වතා හා මිතුරන් දෙදෙනෙකු එක්ව කරපු කැත හිතෙන හදිය !
තම අනියම් පෙම්වතිය වූ විවාහක කාන්තාවක් මාඔයේ බෝට්‌ටු සවාරියකට රැගෙන යන මුවාවෙන් ගෙනගොස් තම මිතුරන් දෙදෙනෙකු සමඟ එක්‌වී ඇයව සමූහ දූෂණයට ලක්‌කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 06 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
දැඩි කොන්දේසි සහිතව මෙලෙස ඇප නියම වූ සැකකරුවන් වූයේ කොච්චිකඩේ පදිංචිකරුවන් තිදෙනෙකි.
පළමු සැකකරු ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ලබා බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයකුගේ බිරිඳ සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ.
පසුගිය දිනෙක ප්‍රධාන සැකකරු විනිස් තම අනියම් පෙම්වතියට මා ඔයේ බෝට්‌ටු සවාරියක් යෑමට යෝජනා කර ඇති අතර බෝට්‌ටු සවාරියට අනියම් පෙම්වතා සමඟ ඔහුගේ මිතුරන් දෙදෙනකු ද සහභාගි වී ඇත.
බෝට්‌ටු සවාරියේදී අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සහ අනියම් පෙම්වතිය මත්පැන් පානය කර තිබේ.
අනතුරුව අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සමඟ එක්‌ව එම කාන්තාව සමූහ දූෂණයකට ලක්‌කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |